Site icon Newshub

විල්පත්තු වනෝද්‍යානයේ කොටියකු සමඟ පොරබැඳි සුනඛයාගේ කතාව වන ජීවීය හෙළි කරගනී

විල්පත්තු වනෝද්‍යානයේ කොටියකු සහ සුනඛයෙකු අතර සිදුවූ පොර බැඳීම සම්බන්ධ සුනඛයා හේනක සිටි සුනඛයකු බවට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරගෙන ඇත.

කොටියා සමග පොර බැදී සුනඛයා කිසියම් පුද්ගලයෙකු විසින් වනාන්තරයට ගෙනවිත් අතහැර දමා ගිය අයෙක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වීමෙන් පසු ඒ සම්බන්ධව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව මෙම සුනඛයා බැඳ දමා ඇති නොකරන බවත් ඔහුට නිදැල්ලේ හැසිරීමට නිදහසදී ඇති බවත් වැඩිදුරටත් විමර්ශන වලදී අනාවරණය කරගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සිද්ධියට සම්බන්ධ සුනඛයා සුළු තුවාල සහිතව හේන් පරිශ්‍රයේ රැඳී සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.

මෙම සිද්ධිය සැලවීමත් සමඟ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුල් වන වාහන සම්බන්ධව ආරක්ෂක කැමරා දර්ශන පරීක්‍ෂා කිරීමේ දී කිසිදු වාහනයක සුනඛයෙකු හෝ වෙනත් සත්වයෙකු රැගෙන ගිය බව අනාවරණය  වී  නොමැත.

Exit mobile version