දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙන වරායේ තිබූ බහාලුම් අතරින් 323 ක් නිසි පරික්ෂාවකින් තොරව මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රේගු නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
නිසි පරීක්‍ෂා කිරීමකින් තොරව බහාලුම් 323 ක් වරායෙන් පිට වීම සහ ඒවායේ තිබූ බඩු භාණ්ඩ මොනවාද යන්න පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව රේගු නිලධාරීන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලියේ ඇතිවූ ප්‍රමාදයට විසඳුමක් ලෙස පසුගිය 30 වැනිදා සිට දින හතරක විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ අතර එම කාලය තුළ මෙම කන්ටේනර් 323 මුදාහැර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
රේගුව විසින් මුදා හරින ලද මෙම බහාලුම් තුළ කිසිදු ආකාරයේ නීති විරෝධී භාණ්ඩ හෝ වෙනත් කිසිවක් නොතිබූ බව රේගු නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වෙතත් මේ පිළිබඳව නොපමාව පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන දිගින් දිගටම රජයට බලපෑම් එල්ල කිරීම හේතුවෙන් ඒ පිළිබඳව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.