Site icon Newshub

වාහන ජාවාරම්කරුවෙක් අල්ලයි

නීති විරෝධී ලෙස වාහන අමතර කොටස් එක්ලස්කර සකස් කරන ලද සුඛෝපභෝගී වාහන පහක් සහ සැකකරුවකු වලාන දූෂණ මර්දන ඒකකය මගින් කලවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටියදී ඔහු හදිසියේ ඇතිවූ ක්ලාන්තයක් හේතුවෙන් එම ස්ථානයේ ඇද වැටී ඇත.

බිම ඇද වැටුණු සැකකරු රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් වෛද්‍යවරු ප්‍රකාශ කළහ.

සැකකරු විසින් දීර්ඝ කාලයක සිට කූට ලේඛන සකස් කරමින් මෙම වාහන ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ට අධික මිල ගණන්වලට එම වාහන අලෙවි කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් වාහන සහ සැකකරු රත්නපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Exit mobile version