Site icon Newshub

ඉල්ලා අස්වූ සභාපතිවරුන් ගණන 6ක් දක්වා ඉහලට !

මහාචාර්ය S.R.D. රෝසා ශ්‍රී ලංකා පරමාණුක මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු වසර කිහිපයක් තිස්සේම ශ්‍රී ලංකා පරමාණුක මණ්ඩල සභාපති වශයෙන් කටයුතු කළේය.

රෝසා මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙසද කටයුතු කරන අතර ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි.

එසේම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි ද සිය ඉල්ලා අස්වීම බාර දීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මහාචාර්ය S.R.D. රෝසා සහ වෛද්‍ය රුවන් විජේමුනි ගේ ඉල්ලා අස්වීම සමඟ ඉල්ලා අස්වූ සභාපතිවරුන් ගණන 6කි.

එනම් සෙනේෂ් බණ්ඩාර , රමාල් සිරිවර්ධන , මොන්ටි රණතුංග , චින්තක ධර්ශන හේවාපතිරණ ද මීට පෙර සිය සභාපති ධූර වලින් ඉල්ලා අස්වූහ.

ඉතිහාසයේ ඉහල ම ජනවරමක් ඇතිව පිහිටවූ ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්ව මාස හතරක් ගත වීමටත් පෙර රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා පත්කරන ලද සභාපතිවරුන් ඉල්ලා අස්වන ආකාරයක් නිරීක්ෂණය වෙයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවේ දේශපාලන බලාධිකාරය හැසිරෙන අන්මත නොයිවසන සහ දැඩි අධිකාරිවාදී හැසිරීම ඊට හේතු විය හැකි බවයි.

ආණ්ඩු පක්ෂය විසින් පත්කළ සිය දේශපාලන හිතෛෂින්ට පවා මේ තත්ත්වය දරාගත නොහැකි නම් අනෙක් රාජ්‍ය නිලධාරීන් ඇතුළත් සමස්ත යාන්ත්‍රණයට ඉදිරියේ කවර ඉරණමක් අත්වේද කියා සිතාගත හැකි බවද ඔවුන් පවසයි

Exit mobile version