Site icon Newshub

තව ටික දවසයි : වසන්තය එනවා සත්තයි – නි.ඇ එරංග සහතික වෙයි !

තව ටික කාලයක් ගත වන විට අනිවාර්යෙන් ම වසන්ත එන බව සත්තයි යැයි තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර පවසයි.

රටේ තිබූ සමස්ත දේශපාලන සංස්කෘතිය ඉරිතලා යන්න දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට වත්මන් ආණ්ඩුව සමත් වූ බවද ඔහු සඳහන් කළේය .

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මේ බව සඳහන් කර සිටියේ කොළොන්නාව ආසනයේ ජනහමුව අමතමිනි.

කිසිදු දූෂණයකට වංචාවකට සම්බන්ධ නොමැති තමන් රාජ්‍ය දේපළ නාස්ති නොකර ඉතා පරිස්සමින් භාවිත කිරීම පිළිබඳ සංවාදය ඉදිරියට ගත් බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version