Site icon Newshub

වැඩ තහනම ගැන වෛද්‍ය චමල් අදහස් දක්වයි !

2024 මහමැතිවරණයේදී සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස තරග කළ වෛද්‍ය චමල් සංජීව ගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් කරන ලද විමර්ශනයක දී හෙළිවීමෙන් පසුව මෙම වැඩ තහනම පනවා තිබේ.

මීට පෙර දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ කළ ප්‍රකාශයක් සම්බන්ධවද 2022 වසරේදී වෛද්‍ය චමල් සංජීව වැඩ තහනමට ලක්විය.

එසේම පසුගිය සමයේ මෙරට තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සිරගත වීමට පවා සිදුවූ ප්‍රමිතියකින් තොර බාල ඖෂධ වංචාව ඇතුළු සෞඛ්‍ය සේවයේ බරපතළ වංචා දූෂණ ගණනාවක්ම වෛද්‍ය චමල් සංජීව විසින් අනාවරණය කර තිබිණි.

කෙසේ වුවත් වැඩ තහනම සම්බන්ධව අදහස් දක්වමින් වෛද්‍ය චමල් සංජීව මාධ්‍යට පවසා ඇත්තේ තමන් පසුගිය ඔක්තෝබර් මාසයේ 04 වනදා සිට සේවයට වාර්තා කර හෝ වැටුප් ගැනීමක් හෝ සිදුකර නොමැති බවත් තමන් ඉන් ඉල්ලා අස්ව සිටි බවත් ය.

එබැවින් තමන් රාජ්‍ය සේවයේ නොමැති අතර සිදුකර තිබෙන්නේ නීත්‍යනුකූල ලෙස අමාත්‍යංශය කටයුතු කරන සාමාන්‍ය ක්‍රමවේදය සඳහන් කරන ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉදිරියට තමන් පූර්ණ කාලීන ලෙස දේශපාලනයේ නිරත වන බවයි.

Exit mobile version