Site icon Newshub

මාස තුනක් ඇතුළත තුන්වැනි සභාපතිත් ඉල්ලා අස්වෙයි!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රණතුංග ඉල්ලා අස්වෙයි. එන්.බී.එම්. රණතුංග ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ජාතික ජනබලවේගය ආණ්ඩුව විසින් එම මහතාව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට පත්කරනු ලැබුවේ 2024 ඔක්තෝබර් 10 වැනිදාය.

ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙසත්, කුඩා හා මධ්‍ය‍ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙසත්, ධීවර අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙසත් සේවය කර ඇති එම්.බී.මොන්ටි රණතුංග, මුදල් අමාත්‍යංශයේ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ද විවිධ තනතුරු දරා ඇති පළපුරුදු පරිපාලන නිලධාරියෙකි.

මේ අනුව වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඉහළ පෙළේ සභාපති ධුරයකින් ඉවත් වූ තුන්වන පුද්ගලයා රණතුංග මහතා ය.

මෙම සතිය ආරම්භයේ , ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) සභාපති රමාල් සිරිවර්ධන ඉල්ලා අස්වූ අතර පසුගිය මාසයේදී සෙනේෂ් බණ්ඩාර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ (SLRC) සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය.

Exit mobile version