හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සන්තකයේ ගිනි අවි නවයක් තිබී ඇති අතර ඉන් හතක් ආරක්ෂක අමාත්‍යාංශය භාරයට ගෙන ඇත.
පුද්ගලික ආරක්ෂාව සඳහා ලබා දී තිබූ ගිනි අවි ආපසු බාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශය මගින් අවසන් නිවේදනය නිකුත් කරන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශය මගින් පුද්ගලයන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා ලබාදී ඇති ගිනි අවි අතරින් තවත් ගිනිඅවි 182 ක් ලබා ගැනීමට නියමිතව ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික ) සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.
යෝෂිත රාජපක්ෂ මහතා සන්තකයේ ඇති තවත් ගිනි අවි දෙකක් ලබා ගැනීමට නියමිතව ඇති බව ද ඒ මහතා අනාවරණය කළේය