Site icon Newshub

200 ක් වූ රට ඉඳි බද්ද රුපියල කරයි : 65 හේ සහල් බද්ද වෙනසක් නෑ !

රටඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව ආනයනික රට ඉඳි කිලෝවක් සඳහා මෙතෙක් පනවා තිබූ රුපියල් 200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2025 මාර්තු මස දක්වා කිලෝවකට රුපියලක් දක්වා අඩු කර තිබේ.

කෙසේ වෙතත් වෙළෙඳ පොළ තිබෙන සහල් මිල අඩු කර තමන්ට සහනයක් සළසන ලෙස ඉල්ලන තම ඉල්ලීමට තවමත් ආණ්ඩුව සංවේදීව නැති බවට ජනතාව මැසිවිලි නගති.

ඔවුන් පෙන්වා දෙන්නේ ආනයනික සහල් කිලෝවක් සඳහා ද ආණ්ඩුව රුපියල් 65ක බද්දක් අයකරන බවයි.

ජනතාවට පීඩාවක් වන ආකාරයට ආහාර මත පනවා ඇති බදු ඉවත් කරන බවට බලය ගැනීමට පෙර දුන් පොරොන්දුව වත්මන් මාලිමාව ආණ්ඩුව අමුඅමුවේ කඩකර ඇති බවද ජනතාව පවසයි

Exit mobile version