වාහන ආනයනය සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයට අනුව කාණ්ඩ කිහිපයකට අයත් වාහන ආනයනය කිරීමට අවසර හිමිව ඇත.
මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1969 අපනයනය පාලක නියාමන පනතට අනුව වාහන ආනයනය කිරීමට අදාල අති විශේෂ ගැසට් පත්‍රය2025-01-24 දින සිට ක්‍රියාත්මක වන ලෙස නිකුත් කර තිබේ.
ඒ අනුව බස් රථ, වෑන්, ලොරි, ඩබල් කැබ්රථ ආනයනය කිරීමට අවස්ථාව හිමි වන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ මහතා පැවසීය.
නව ගැසට් නිවේදනයට අනුව ආනයනය කිරීමට අවසර ලබා දී ඇති වාහනසඳහා අය කරන බදු සම්බන්ධව මෙතෙක් අනාවරණයක් සිදු නොවූ නිසා තවමත් නිශ්චිත වශයෙන් මිල ගණන් සම්බන්ධව ප්‍රකාශ කළ නොහැකි බව ඒ මහතා සඳහන් කළේය.