Site icon Newshub

යෝෂිතට මාංචු දාන්න එපා කියලා පොලිස් ඇමති CID යට කියලා – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්තගෙන් චෝදනාවක්

මූල්‍ය විශුද්ධිකරණ චෝදනා මත අද (25) අත්අඩංගුවට ගනුලැබූ යෝෂිත රාජපක්‍ෂ වෙත සාමාන්‍ය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදය භාවිතා නොකිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කෙරෙමින් තිබේ.

ඒ යෝෂිත රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමේදී සුඛෝපභෝගී වෑන් රථයක් යොදාගෙන තිබීම සහ මාංචු නොදැමීම, අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් ස්ථානයක සිට සමාජ මාධ්‍ය වෙත ජායාරූප මුදාහැරීම ඇතුළු කාරණා කිහිපයක් පදනම් කරගෙන ය.

ඒ සම්බන්ධව වන අදහස් දැක්වීමකදී,දේශපාලන රැකවරණ ලබා විදෙස්ගතව සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අත්අඩංගුවට ගනුලැබූ යෝෂිත රාජපක්‍ෂ ට මාංචු නොදමන ලෙස පොලිසිය භාර අමාත්‍ය ආනන්ද විජේපාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් නිකුත්කර ඇති බවයි.

ඊට අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

එසේම අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී , අත්අඩංගුවට ගනුලැබූ යෝෂිත රාජපක්‍ෂ පොලිස් ස්ථානයක සිට ගනුලැබූ නිදහස් ජායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටියේය.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ ඒ පිළිබඳව තමන් නොදැනුවත් බවත් එළැඹෙන ඉදිරි මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධව ප්‍රතිචාර දක්වන බවයි.

Exit mobile version