එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව පුළුල් පෙරමුණක් ගොඩනගන්නේ නම් ඒ සඳහා එක්වන බවට දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන රැසක් මේ වන විට එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ තරග කළ පක්ෂ වලට අමතරව තවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් රැසක ප්රධාන ක්රියාකාරීන් පුළුල් පොදු පෙරමුණකට එකතුවීමට බලාපොරොත්තුවෙන් සිටි.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා අවසන් වූූ වහා පොදු පෙරමුණකට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින අනෙකුත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර මේ දිනවල පැවැත්වෙන සාකච්ඡා ඉතා සාර්ථකව සිදු කෙරෙන බව එම සාකච්ඡා වල නිරතව සිටින දෙපාර්ශවයේ ප්රධානීහු පවසති.දෙපාර්ශවය අතර පැවැත්වෙන මෙම සාකච්ඡා ඉතා කෙටි කාලයකින් අවසන් කිරීමට සැලසුම්කර තිබෙන බව පැවසූහ
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයේ නියෝජිතයන් අතර දැනට පැවැත්වෙන සාකච්ඡා අවසන් වීමෙන් පසු නායකයින් දෙදෙනා අතර අවසන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.