ඉවත් කළ ආරක්ෂක සංචිතය තමන්ට යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනෙවිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් මෙහි වගවුත්තරකරුවන් ලෙස නම්කර ඇත.
කිසිදු සොයා බැලීමකින් තොරව තම ආරක්ෂක සංචිතයේ සිටි ආරක්ෂක නිලධාරීන් හැට දෙනෙකුට සීමා කර අනෙකුත් ආරක්ෂකයන් සියලු දෙනා ඉවත් කළ බව මහින්ද රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මගින්ගොනු කළ පෙස්සමේ දැක්වේ.
පිළිගත හැකි ක්‍රමවේදයකින් තොරව හිටිහැටියේම ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීම නිසා තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවත් ඉවත් කරන ලද ආරක්ෂක සංචිතය යළි තමන්ට ලබා දෙන ලෙසත් එම පෙත්සම මගින් ඉල්ලා තිබේ.