පොල් ගස් කැපීමේ දී ඒ සඳහා පොල් සංවර්ධන මණ්ඩලයෙන් සහ අදාළ ප්රදේශයේ ප්රාදේශිය ලේකම්වරයාගේ අවසරය ලබා ගැනීම අනිවාර්ය කර තිබෙන අතර එලෙස නිසි අවසරයකින් තොරව මින් ඉදිරියට පොල්ගස් කපන්නේ නම් එම පුද්ගලයන් මාස හයක සිර දඬුවමකට යටත් කළ හැකි බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි
නිසි අනුමැතියකින් තොරව යම් පුද්ගලයෙක් පොල් ගසක් කැපුවහොත් ඔහව මාස හයක සිර දඬුවමකට යටත් කර එක් ගසකට රුපියල් 5000 ක දඩයක් නියම කළ හැකි බව පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.
මෙම නීති මෙතෙක් යටපත්ව පැවැත්තිය ද එය ක්රියාත්මක කිරීමට ඇතැම් පාර්ශව විසින් ඉඩ ලබා නොදුන් බව එම නිලධාරියා පැවසිය.
2023 ගස් හෙලීමේ පනතට අනුව පොල් ගස් කැපීමේදී ද ඒ සඳහා අවසරය ලබා ගත යුතුවුවත් ජනතාවගේ නොදැනුවත් බව නිසා ගස් කැපීමේ දී එවැනි අවසරයක් ලබා නොගත්තද මින් ඉදිරියට ඒ අවසරය අනිවාර්ය කළ බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.