ක්‍රමය වෙනස් (System Change) කරන බව පවසා බලයට පැමිණි මාලිමා ආණ්ඩුව අද දේශපාලන දඩයමකට සූදානම් වන බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් සිදු නොකළ ආකාරයේ පහත් මට්ටමේ දේශපාලනයක වත්මන් ආණ්ඩුව නිරතවව සිටින බවට රාජපක්ෂ මහතා චෝදනා කළේය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ නාමල් රාජපක්ෂ මහතා අද හෝ හෙට තමන් අත්අඩංගුවට ගත හැකි නමුත් එයින් තම දේශපාලන ව්‍යාපාරය කිසි විටෙකත් නතර කළ නොහැකි බව අවධාරණය කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි නීත්‍යානුකූල නිල නිවසින් ඔහුව එලියට ඇඳලා දාන්න ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් පාලකයන් උත්සාහ කරමින් සිටින බවත් එවැනි පහත් මට්ටමේ ක්‍රියාවන්ට නොගොස් ලිඛිත දැනුම් දීමක් කරන්නේ නම් නිල නිවස භාරදීමට සූදානම් බව හෙතෙම කීය
තම පියා සහ මව බලා ගැනීමට තමන්ට හා තම සහෝදරයන්ට හැකියාවක් තිබුණද යට ඇඳුමේ සිට සියල්ල අනුන්ගෙන් ඉල්ලාගෙන ඉල්ලා ගෙන ඇඳීමේ පුරුද්දක් නොමැති බව ඔහු සිහිපත් කළේය.
නිල නිවසෙන් පිටව යෑම හෝ තම පියා සහ මාව බලා ගැනීම සිදුකළ හැකි නමුත් ඔහුට ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය සන්නද්ධ හමුදාවක් තමන්ට හෝ තම පක්ෂය සතුව නැති පවත් යුද්ධය අවසන් කළ ජනාධිපතිවරයාට ආරක්ෂාව සැපයීම ව්‍යවස්ථාපිත කරුණක් බැවින් ඊට මැදිහත්වීමට තම පවුලට නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.