නිවසේදී පොල් පරිභෝජනයේදී ඉතාමත් නාස්තිකාර ලෙස පොල් අපතේ හරින බව කර්මාන්ත සහ ව්‍යාවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා
ඉදිරි මාස කිහිපයක් ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට රජයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය අවසර ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරනවා.
ජනතාව ලෙස පොල්කිරි සහ පොල් සම්බෝල සෑදීමේ ක්‍රියාවලි දෙකෙහිදීම පොල් අපතේ යන බව ඒ මහතා පවසනවා.
පොල් ගෙඩි මිලියන 200ක් පිටරටින් ගේන්න රජයෙන් අවසර ඉල්ලුවා – ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය