Site icon Newshub

බහාලුම් 323ක් පරීක්‍ෂා නොකර නිදහස් කරලා – 80%ක් රතු ලේබල් බහාලුම් !

අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු රතු ලේබලයෙන් යුතු බහාළුම් ද ඇතුළත්ව බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරවක් වරායෙන් පිට කර ඇති බවට රේගු නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සභාපති අමිල සංජය මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළ අතර එසේ පරීක්ෂාවකින් තොරව පිට කරන ලද බහුලුම් 323 අතරින් 80%ක් පමණ රතු ලේබලය යටතේ දැඩිව පරීක්ෂා කළ යුතු බහලූම් බවද සඳහන් කළේය.

මෙවන් බහාලුම් මුදාහැරීමකට කිසිවෙකුට බලයක් නැති බවද පෙන්වාදුන් ඒ මහතා මෙසේ අවශ්‍ය පරීක්ෂා කිරීමෙන් තොරව බහාලුම් මුදා හැරීමට හරහා අවි ආයුධ, මත්ද්‍රව්‍ය, බාල ඖෂධ මෙන්ම නීති විරෝධී ද‍්‍රව්‍යයක් තිබිය හැකි බවද පැවසීය.

මේවා සම්බන්ධයෙන් අදාළ අංගනවල කටයුතු කරන රේගු නිලධාරීන් වගකීම බාර නොගන්නා බවත් ඔහු පැවසීය .

රේගු අධ්‍යක්ෂවරයාගේ අනුදැනුමක් සහිතව මෙම ක්‍රියාවන් සිදුව ඇතැයි පවසන ඔහු ඊට විරෝධය පාමින් තමන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට ගත් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය

Exit mobile version