Site icon Newshub

සහතික මිලක් නෑ වී වලට ආණ්ඩුවෙන් අවම මිලක් – Quality වී ගෙනාවොත් අමතර රුපියල් දෙකක් – කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති

ඉදිරියේදී වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යංශ්‍යය යටතේ ඇති ආයතන පහක් සම්බන්ධ වී නිෂ්පාදන වියදම සකස් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියා. එම නිෂ්පාදන පිරිවැයට පොහොර සහනාධාරය ඇතුළත් නොකරන බව ද ඔහු පැවසීය.

ගොවීන්ට ශුද්ධ ලාභයක් ලැබෙන සේ අවම මිලට රජය වී මිලදී ගන්නා බවත් අදාල ප්‍රමිතියට වී සපයන ගෙවීන්ට අමතර රුපියල් දෙක බැගින් ද දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

රජය විසින් මිලදී ගන්නා වී අළෙවි නොකරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම වී සහල් කර සාධාරණ මිලට ජනතාවට අළෙවි කරන බවයි.

මේ අතර මෙවර මහ කන්නයේ අස්වනු නෙලීම මේ වන විට වී ආරම්භ ඇති අතර මෝල් හිමියන් විසින් ඉහල මිල ගණන්වලට වී මිලට ගනිමින් සිටී. කැකුළු වී කිලෝවක් රුපියල් 150 ආසන්න මිල ගණනකට මිලට ගනිමින් සිටී.

වී කිලෝවක් සදහා රුපියල් 140 ආසන්න සහතික මිලක් ගොවීන් විසින් ඉල්ලා සිටිනවා.

Exit mobile version