Site icon Newshub

මාදම්පාගම සමූපකාර ඡන්දයත් මාලිමාව පරාදයි !

මාදම්පාගම සමූපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ද ජාතික ජන බලවේගය සහය දුන් කණ්ඩායම දරුනු පරාජයක් අත්කරගෙන තිබේ.

අදාළ නිලවරණයේදී විපක්ෂයේ පක්ෂ එකමුතුව සහයෝගය දැක්වූ කණ්ඩායම ප්‍රාදේශීය 14න් 09ක ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්ව ඇත.

නමුත් ජාතික ජන බලවේගය සහය දුන් කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ ප‍්‍රාදේශික පහක් පමණි.

මේ වන විට දිවයින පුරා පැවැත්වෙන සමූපකාර ජන්ද ආශ්‍රිතව ජාතික ජනබලවේගය පක්ෂය සහාය දක්වන කණ්ඩායම් පැහැදිලි පරාජයන් අත්කර ගන්නා බවක් නිරීක්ෂණය වෙයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ, සමූපකාර නිලවරණ ජාතික මට්ටමින් දේශපාලනය වෙනුවෙන් සෘජු බලපෑමක් නොකරන නමුත් ආණ්ඩුව කෙරෙහි දක්වන ජනතා ප්‍රතිචාරයක් වශයෙන් එය වැදගත් බවයි.

පැවති ජනාධිපතිවරණය හමුවේ සුළුතර බලයකින් ජනාධිපති වීමට අනුර දිසානායක සමත්වූ නමුත් අනතුරුව පැවති මහ මැතිවරණයේ දී ඉතිහාසයේ බලගතුම ආණ්ඩුව පිහිටුවීමට ඔහුගේ පක්ෂය සමත් වූ බවත් එම ජනප්‍රිවාදී රැල්ල යම් ආකාරයක පසුබෑමක් පෙන්නුම් කෙරෙන බවට ඉඟියක් ලෙස පමණක් සමූපකාර නිලවරණ සැලකිය හැකි බවත් ඔවූහු වැඩිදුරටත් පෙන්වාදෙති

Exit mobile version