Site icon Newshub

තාත්තා ඉන්න නිල නිවස ඕනේනම් ලිඛිතව ඉල්ලන්න – අපි ඕන වෙලාවක යන්න සුදානම් – නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබෙන කොළඹ 07, විජයරාම පිහිටි රජයේ නිල නිවාසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ, එම නිල නිවසෙන් ඉවත් නොවන්නේ නම් මාසිකව තක්සේරු කුලිය වශයෙන් රුපියල් ලක්‍ෂ 46ක් ගෙවන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා කළ ප්‍රකාශයත් සමඟයි. ඒ අනුව බොහෝ දුරට ඒ මහතා මැදමුලන තංගල්ල කාල්ටන් නිවසේ පදිංචියට යනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, මෙම නිවස තම පවුලට හෝ තම පියාට අයත් නිවසක් නොව රජයට අයත් නිවසක් බැවින් එය රජය විසින් හිටපු ජනාධිපතිවරයකුට ආරක්‍ෂාව සලකා ලබාදෙන නිවසක් බවත්ය.

ජනාධිපතිවරයාට එම නිවස අවශ්‍ය නම් ඒ බව ලිඛිතව දන්වා සිටින ලෙසත්, හිටපු ජනාධිපතිවරයා ඕනෑම අවස්ථාවක එම නිවසින් ඉවත් වීමට සූදානම් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි

මාසික කුලිය ලක්ෂ 46ක් ගෙවන්න බෑ – නිල නිවසෙන් පිට වෙනවා – රාජපක්ෂ පවුල තීරණය කරයි

Exit mobile version