Site icon Newshub

ගල් ඔය අමුණ කැඩී යයි – කුඹුරු අක්කර දහස් ගණනක් ජලයෙන් යටවෙයි

ගල් ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් කැඩී ගොස් තිබෙන බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 1000ක් පමණ ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.

ජලයෙන් යටවී ඇති කුඹුරු බොහොමයක ගොයම පීදී තිබූ අතර අස්වැන්න නෙළීමට ආසන්නයේ තිබූ බව ද වාර්තා වෙයි. නේනකාඩු ප්‍රදේශයේ ගල්ඔයේ ඉවුරු වනසා වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් තමන්ට මෙම ඛේදවාචකයට මුහුණ පෑමට සිදුවූ බව ගම්වාසින් චෝදනා කර සිටී.

2024 ජනවාරි මාසයේ ඇතිවූ ගං වතුර තත්ත්වය හේතුවෙන් ගල්ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් බිඳී ගිය අතර පසුව ප්‍රතිසංස්කරණය කළ ඉවුර 2024 නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟ නැවතත් එම ස්ථානයෙන් බිඳීමට ලක් විය

Exit mobile version