Site icon Newshub

14ක් රෝහල්ගත කරමින් තවත් බිහිසුණු බස් අනතුරක්

අපරීක්ෂාකාරීව රිය ධාවනය කිරීම හේතුවෙන් තවත් බිහිසුණු බස් අනතුරක් අද (20) අලුයම සේරුනුවර කන්තලේ මාර්ගයේ කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිටදී සිදුවීමෙන් මගීන් 14 දෙනකු තුවාල ලබා රෝහල් ගත කරඇත.

කාත්තන්කුඩි දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුර සිදුවෙන අවස්ථාව වන විට බස් රථයේ මගින් 49 දෙනෙකු ගමන් කර ඇත.

එම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලබා සේරුණුවර රෝහලට ඇතුලත් කළ මගීන් 14 දෙනාගෙන් 09 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමල රෝහල වෙත යවා තිබෙන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි

Exit mobile version