Site icon Newshub

පලස්තීන සිරකරුවන් 90 ක් හා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 03 ක් නිදහස්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ආරම්භ වු සටන් විරාම ගිවිසුම යටතේ පලස්තීන සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කර ඇති බව ඊශ්‍රායල බන්ධනාගාර සේවය ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය 19 වන දින සිට ක්‍රියාත්මක වන සටන් විරාම කාලය යටතේ පළමු අදියරේ කොටසක් ලෙස මෙම පලස්තීන සිරකරුවන් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර අදාළ සිරකරුවන් අතර කාන්තාවන් 69 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 21 ක් දෙනෙකු ඇතුලත් බව සඳහන් වේ.

මේ අතර හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ද නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ

Exit mobile version