Site icon Newshub

විමල්ගේ ‘පංචායුධය’ තනියම පළාත් පාලන මැතිවරණයට

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ කිසිදු පක්ෂයක් සමඟ සන්ධාන ගත නොවී ඉදිරි පළාත් පාලන මැතිවරණයට තනි පක්ෂයක් ලෙස තරග කිරීමට තීරණය කර ඇත.

පසුගිය ජනාධිපති වර්ණයේදී විමල් වීරවංශ මහතා සර්වජන බලය පක්ෂය යටතේ තරඟ වැදුණු දිලිත් ජයවීර මහතාට සහයෝගය දැක්වීය.

පළාත් පාලන මැතිවරණයේදී ඒ කිසිදු පක්ෂයක් සමඟ එක් නොවී තනි පක්ෂයක් ලෙස තරගකර අවම වශයෙන් පළාත් පාලන මන්ත්‍රී ධුරය 100 ක් ලබා ගැනීම ජාතික නිදහස් පෙරමුණේ අරමුණ වී තිබේ.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලය සහ දේශපාලන. සංස්කෘතික. මූලස්ථානය අද බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ විවෘත කරනු ලැබීය

Exit mobile version