හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දෙන මහජන එක්සත් පෙරමුණ ඉදිරි මැතිවරණවලට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් ගෑස් සිලින්ඩරය යටතේ තරඟ නොකිරීමට තීරණය කර ඇත.
2024 පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සෙසු පක්ෂ සමග ඇති කරගත් එකඟතා, තීරණ, හා විශ්වාසය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇති බව මහජන එක්සත් පෙරමුණ නිවේදනය කරයි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ මැතිවරණ කොමිෂන් සභාව වෙත වලංගු නොවන තීරණයක් දන්නවා යවා ඇති බවත් ඊට මහජන එක්සත් පෙරමුණේ දැඩි අප්රසාදය සහ පිළිකුල පළ කර සිටින බවත් එම පෙරමුණ සඳහන් කර සිටි.
මෙවැනි පසුබිමක් තුළ තවදුරටත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සමඟ මැතිවරණවලට තරව කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් එම නිසා ඉදිරි මැතිවරණ වලට මිත්ර කොටස් සමඟ එක්ව තරග කිරීමට අපේක්ෂා කරන බව මහජනඑක්සත් පෙරමුණ වැඩිදුරටත් සඳහන් කරයි.