Site icon Newshub

උදයංග වීරතුංගට ඇප

පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියාවේ හිටපු මෙරට තානාපති උදයංග වීරතුංගට ඇප ලබා දී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි උදයංග වීරතුංගට රුපියල් 10,000ක ඇපයක් සහ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.

පසුගිය 10 වැනිදා අදාළ පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ සිදුකළ පැමිණිල්ලකට අනුව නුගේගොඩ තලපත්පිටිය ප්‍රදේශයේ පිහිටි උදයංග වීරතුංගගේ නිවසේදී මිරිහාන පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය

Exit mobile version