Site icon Newshub

මාස්ටර්ස් ලීග් සමඟ ලොව සුපිරි ක්‍රීඩකයින් ක්‍රිකට් පිටියට – ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය සංගක්කාරට !

ලොව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වන ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 22 වැනිදා සිට මාර්තු මස 16 වැනිදා ඉන්දියාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

තරගාවලිය පසුගිය වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය කල් දැමුණු අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව ,දකුණු අප්‍රිකාව ,එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් තරඟාවලිය සඳහා සහභාගී වෙයි.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය, හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ලබාදෙයි.

කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමෙන් පසු කිසිඳු වෘත්තීයමය ලීග් ක්‍රිකට් තරගාවලියකට සහභාගි නොවුණු අතර ඒ අනුව ඔහු ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් සමග එක්වන පළමු ක්‍රිකට් තරගාවලිය ද මෙයයි.

ඉන්දීය කණ්ඩායම සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් එක්වන අතර කොදෙව්වන්ට නායකත්වය ලබා දෙන්නේ බ්‍රයන් ලාරා විසිනි.

ඔස්ට්‍රේලියා කණ්ඩායම ෂේන් වොට්සන් නායකත්වය දරණ අතර දකුණු අප්‍රිකාව පිවිසෙන්නේ ජොන්ටි රෝඩ්ස්ගේ නායකත්වයෙනි.

එංගලන්ත කණ්ඩායම ඔයින් මෝර්ගන් මෙහෙයවනු ලබයි.

2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය මුම්බායි ,රායිපූර් සහ රාජ්කෝට්හිදී පැවැත්වීමට නියමිතයි.

Exit mobile version