Site icon Newshub

මහජන උපයෝගීතා කොමිසම විදුලි ගාස්තුව ගැන දෙන අවසන් තීරණය අද

විදුලිය ගාස්තු අඩු කිරීම සම්බන්ධව මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සියලු පළාත් ආවරණය වන පරිදි මහජනතාවගෙන් අදහස් හා ආයෝජනා ලබා ගැනීම පසුගියදා අවසන් කෙරිණි.

මහජන අදහස් වලට අනුව දැනට පවතින විදුලිය ගාස්තුව 20% ත් 30% අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බවට යෝජනා ඉදිරිපත්ව ඇත.

මේ අතර ඉදිරි මාස හයක කාලය සඳහා විදුලිය ගාස්තු සංශෝධනයක් සිදු නොකළ යුතු බවට විදුලි බල මණ්ඩලය පසුගිය දා යෝජනා කරතිබේ.

මෙම කරුණු කාරණා සියල්ල කෙරෙහි අවධානය යොමු කරමින් විදුලි බිල කොපමණ ප්‍රමාණයකින් අඩු කරනවාද යන්න පිළිබඳව සිය අවසන් තීරණය අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය

Exit mobile version