පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර දාහතරක සිර දඬුවමක් එරට අධිකරණය විසින් අද ( 17 )නියම කර කර ඇත. ඉම්රන් කාන්ට එරෙහිව ඉඩම් දූෂණ නඩුවක් කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දීතිබේ.
මෙය ඉම්රාන් ඛාන්ට එරෙහිව ඇති බරපතලම චෝදනාව ලෙස සැලකෙයි.
අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රන් ඛාන් කටයුතු කළ කාලයේ පාකිස්තානය මුහුණ දුන් මූල්‍යමය කඩාවැටීම ඇතුළු චෝදනා කිහිපයක් වෙනුවෙන් ඔහු 2023 වසරේ සිට මේ දක්වාම සිරගතව ඇත.