Site icon Newshub

ණය ගෙවාගත නොහැකි අයට රජයෙන් සහන පැකේජ

ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ගත් ණය ගෙවා ගත නොහැකිව දුෂ්කරතාවයට මුහුණපා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය සහන පැකේජයක් හඳුන්වාදී තිබේ.

එම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබන මාර්තු මස 31 වැනි දින හෝ ඊට පෙර අදාල බැංකු වෙත ගොස් තමන්ට හිමි සහන පිළිබඳව සාකච්ඡා කරගත හැකි බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

2024 වසරේ දෙසැම්බර් මස 15 වැනි දිනට පැවති ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය පදනම් කර ගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කාණ්ඩ තුනක් යටතේ එම විශේෂ සහන ලබාදීමට නියමිත බවත්, රුපියල් මිලියන 25 ට අඩු ණය සඳහා මාස 12ක සහන කාලයක් හිමිවන අතර රුපියල් මිලියන 25 ත් 50 ත් අතර ණය සඳහා මාස නමයක්,ද රුපියල් මිලියන 50 ඉක්මවූ ණය සඳහා මාස හයකද සහන කාලයක් හිමිවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව ගෙවීමට ඇති සමස්ත ප්‍රාග්ධන මුදල පදනම් කරගෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නොගෙවූ පොලිය සියයට 65 40 ආදී වශයෙන් කපා දැමීමට කටයුතු කරන බවද, එම ව්‍යවසායකයන් සඳහා ප්‍රාග්ධන ණය මුදලක් ලබාදීම අහිතකර ක්‍රිබ් වාර්තා සදහා සහනයක් ලබාදීම ඇතුලු සහන රැසක් ඔවුන්ට හිමි වන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි

Exit mobile version