Site icon Newshub

එලෝන් මස්ක්ගේ Starship Flight 7 අසාර්ථක වෙයි

ඇමෙරිකාවේ තාක්ෂණ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකෝටිපතියෙකු වන එලෝන් මස්ක්ගේ SpaceX සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Starship Flight 7 අභ්‍යවකාශ යානය එහි පර්යේෂණ පියාසැරියේ දී විනාශ වී ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමෙරිකානු වේලාවෙන් ඊයේ (16) පස්වරු 5:38ට ටෙක්සාස් හි පිහිටි දියත් කිරීමේ මධ්‍යස්ථානයකින් දියත් කළ මෙම යානය ඉන් විනාඩි කිහිපයකට පසු අසාර්ථක වීම සිදුව තිබේ.

අදාළ යානය බූස්ටරයෙන් වෙන් වී මද වේලාවකට පසුව විනාශ වී තිබෙන බව වාර්තා වන අතර උඩුගුවන්නේ දී විනාශ වීමෙන් අනතුරුව එහි සුන්බුන් දැවී පොළවට වැටෙන අයුරු ඇතුලත් ඡායාරූප සමාජ මාධ්‍ය හරහා නිකුත්ව තිබේ.

මෙම නවතම අභ්‍යවකාශ යානය නිර්මාණයේ දී එලෝන් මස්ක්ගේ SpaceX සමාගම හා බිලියනපති ජෙෆ් බෙසෝස්ගේ ආයෝජන ද ලැබී තිබුණු බව ස බවද විදෙස් වාර්තා සඳහන් කර තිබේ

Exit mobile version