Site icon Newshub

සංචාරකයන් රැගත් බස් රථයක් දක්ෂිණ අධිවේගයේදී ලොරියක ගැටෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (17) අලුයම විදේශීය සංචාරකයන් රැගත් බස් රථයක් සහ සිමෙන්ති පැටවු ලොරි රථයක් ගැටීමෙන් එක් අයකු මිය ගොස් 13 දෙනෙකු තුවාල ලබා ලබා ඇත.

අධිවේගී මාර්ගයේ 138 වන කිලෝ මීටර් කණුව අසන්නේදී අද අලුයම පහයි දහයට පමණ සිදු වූ මෙම අනතුරින් සංචාරකයින් රැගත් බස් රථයේ රියදුරු මිය ගොස්තිබේ.

අනතුරින් තුවාල ලැබූවන් තංගල්ල සහ බෙලිඅත්ත රෝහල් වලට ඇතුලත් කර ඇත.

අනතුර සිදුවන අවස්ථාව වන විට බස් රථයේ විදේශීය සංචාරකයින් දොළොස් දෙනෙකු සිට ඇති අතර තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි

Exit mobile version