Site icon Newshub

වාහනයක් ගැන ප්‍රශ්න අහද්දී ‘අප්පච්චි මළා’ හදිස්සියේම ලෙඩ වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා භාවිත කරන මෝටර් රථය කොටස් එකලස්‌කර සකස් කරන ලද එකක්ද යන්න පිළිබඳව වලාන දූෂණය මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් ඊයේ( 15) හිටපු මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ඔහු හදිසියේ රෝගාතුර වී ඇත.

විජිත් විජිතමුණි හිටපු මන්ත්‍රීවරයා භාවිත කරන මෝටර් රථය කොටස් එක්ලස් කර සාදන ලද එකක් බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණිල්ලක් ලැබී තිබිණි.

ඒ පිළිබඳව විභාග කිරීම සඳහා විජිත් විජිතමුණි මන්ත්‍රීවරයා එම ඒකකය වෙත කැඳවා ප්‍රශ්න කරමින් සිටි අවස්ථාවේ ඔහු හදිසි රෝගී තත්ත්වයකට පත්වීමෙන් පසු එම පරීක්‍ෂණ කටයුතු වෙනත් දිනයකට කල් දැමීමට එහි නිලධාරීන්ට සිදුවිය

Exit mobile version