Site icon Newshub

මන්නාරම අධිකරණය භූමියේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

වෙඩි තැබීමෙන් පසු තුවාල ලැබූවන් රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව මන්නාරම දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

තුවාල ලැබූවන් නඩු කටයුත්තක් සදහා අධිකරණ භූමියට පැමිණි අය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.

Exit mobile version