Site icon Newshub

උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීමේ මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමේ!

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමේ මධ්‍යස්ථානයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීම සඳහා ගුරුවරියන් පිරිසක් ගවුම් ඇඳ පැමිණීම හේතුවෙන් විභාග මධ්‍යස්ථානය වසා දැමීමට විභාග කොමසාරිස්වරයා පියවර ගෙන ඇත.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයාලය දිගු කලක සිට විභාග මධ්‍යස්ථානයක් ලෙස පැවතුණද ප්‍රශ්න පත්‍ර ඇගයීමට පැමිණි ගුරුවරු උචිත ඇඳුම පැළඳ පැමිණිය යුතු වුවත් මෙවර උත්තර පත්‍ර ඇගයීම සඳහා ගවුම් ඇඳ පැමිණි ගුරුවරියන් පාසල් දොරටුවෙන් ඇතුල්කර ගැනීමට විදුහල්පතිනිය අවසරදී නොතිබිණි.

මෙලෙස ගවුම් ඇඳ පැමිණි ගුරුවරියන්ට පාසල තුළට ඇතුල්වීමට ඉඩ නොදුන් නිසා ඔවුන් එම ස්ථානයේ දැඩි විරෝධයක් පළකරමින් සිට ඇත. මෙම විරෝධතාවය අතර තුර විභාග කොමසාරිස් වරයා උත්තර පත්‍ර ඇගැයීමේ කටයුතු දින තුනකට කල් දමා එම මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබිණි

උත්තර පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථානයට පැමිණි ගුරුවරියන්ට ඇඳුමේ ප්‍රශ්නය මත ඇතුල්වීමට අවසර ලබා නොදීම හේතුවෙන් ගවුම් ඇඳගෙන පැමිණි ගුරුවරියන් පාසල් දොරටුව අසල මෙලෙස විරෝධය දැක්වීම හේතුවෙන් එය පාලනය කර ගැනීම සඳහා අවට පොලිස් ස්ථාන වලින් පොලිස් නිලධාරින්ද කැඳවා තිබිණි.

Exit mobile version