Site icon Newshub

දකුණු කොරියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට !

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගත් බව එරට දූෂණ විරෝධී ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇති ආකාරයට 2024 දෙසැම්බර් මාසයේදී යුද නීතිය පැනවීම, රට තුළ කැරැල්ලක් ඇතිකිරීමට උත්සාහ කිරීම යන චෝදනා දකුණු කොරියානු ජනාධිපතිවරයා ට එරෙහිව එල්ල වී තිබේ.

මෙම චෝදනා පදනම් කරගෙන දකුණු කොරියානු ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන නඩුව ඊයේ (14) කැඳවූ අවස්ථාවේදී ඔහු ඊට පෙනී සිට නොමැති අතර ඒ අනුව අධිකරණය මඟින් ඔහුගේ වරෙන්තුව දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

එසේම දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට ජනතාව රැස්වී ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුකළ බාධා නොතකමින් මෙම අත්අඩංගුවට ගැනිමට සිදුකර ඇති බවද මාධ්‍ය වාර්තා වල දැක්වෙයි .
එම මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට මේ මස මුලදීද , විමර්ශන නිලධාරීන් දකුණු කොරියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළද එහිදී එය ව්‍යර්ථව ගොස් ඇත්තේ පාක්ෂිකයන් ගේ බාධා කිරීම නිසාය.

Exit mobile version