Site icon Newshub

පළාත් සභා වලට අයත් වාහන 2000කට වඩා අතුරුදන් – විගණන දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹයි

පළාත් සභාවලට අයත් වාහන 2000 කට අධික සංඛ්‍යාවක් මේ වන විට අතුරුදහන් වීම සම්බන්ධව ජාතික විගණන දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අතුරුදහන් වූ වාහන අතර වැඩි සංඛ්‍යාවක් කාර් සහ ජීප් රථ වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තොරතුරු අනාවරණය කරගෙන ඇති බව එහි නිලධාරියෙක් පැවසීය.

වාහන අතුරුදහන් වීම සම්බන්ධව පුළුල්ව සොයා බලා කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

පසුගිය කාලවල පළාත් සභාවල ප්‍රධානීන්ට වෙන් කරන ලද වාහන බොහෝමයක් ඇතැම් දේශපාලනඥයන් හා ඔවුන්ගේ හිතවතුන් පරිහරණය කළ බවට තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ඉහත නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය

Exit mobile version