Site icon Newshub

කැලණිය සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව පරාජය වෙයි !

කැලණිය සමුපකාර සමිතිය සඳහා නිලධාරීන් තෝරා පත්කර ගැනීම සඳහා පැවති නිලවරණ වලින් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම් පරාජයට පත්වී තිබේ.

කැළණිය සමූපකාරය සඳහා පැවති නිලවරණයේදී සමගි ජන බලවේගය සහාය දුන් කණ්ඩායම සාමාජිකයන් 99 දෙනකු පත්ව ඇති අතර ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායමෙන් ජයග්‍රහණය කර ඇත්තේ සාමාජිකයන් 32කි.

එසේම පසුගියදා පැවති අඟුණකොළපැලැස්ස සමුපකාර නිලවරණයේදී ස්වාධීනව තරග කල කණ්ඩායම ඡන්ද 143ක් ලබා ගනිද්දී ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම ලබා ගත්තේ ජන්ද 128ක් වූ අතර එයින්ද ජාතික ජනබලවේගය පක්ෂයේ කණ්ඩායම පරාජයට පත්විය

Exit mobile version