ගම්පොළ ගෙලිඔය ප්‍රදේශයේදී පැහැර ගැනීමකට ලක් වූ දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ දියණිය අම්පාර බස් නැවතුම් නැවතුම් පොලේ දී සැකකරු සමග අද (13) පෙරවරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උසස් පෙළ පෞද්ගලික පන්තියකට සහභාගී වීම සඳහා යෙහෙළියක සමඟ පා ගමනින්ම යමින් සිටියදී විවාහ කර ගැනීමට දිගු කලක සිට බලාපොරොත්තු තබාගෙන සිටි ඇයගේ මස්සිනා නැමැති පුද්ගලයකු විසින් පෙරේදා උදේ කළු පැහැති වෑන් රථයකින් පැමිණ මෙම පැහැර ගැනීම සිදුකර තිබේ.
සැකකරු සිසුවිය පැහැරගැනීමෙන් අනතුරුව වෑන් රථය අතරමඟ දමා ස්ථාන කිහිපයකදී තීරෝද රථ තුනක් භාවිත කරමින් සිසුවිය අම්පාරට රැගෙන ගොස් ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
අම්පාර ප්‍රදේශයේ නිවසක රඳවා සිටි තරුණිය අද උදේ යළි නිවසට ඇරලවන බව පවසා අම්පාර බස් නැවතුම්පොළෙන් මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ බස් රථයක් තුළ සිටියදී දෙදෙනාම මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිසුවිය පැහැරගෙන ගොස් රඳවා සිටි කාලය තුළදී සැකකරු සිසු වියගේ දෙමව්පියන්ගෙන් රුපියල් ලක්ෂ පනහක කප්පම් මුදලක් ඉල්ලා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙන අතර සිසු විය අද සවස වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.