Site icon Newshub

2024 රාජ්‍ය කලමණාකරන සේවා තරඟ විභාග සමස්ථ ලකුණු 100-115 ලබාගත් අපේක්ෂකයින්ට අසාධාරණයක්!

2024 රාජ්‍ය කලමණාකරන සේවා නිළදාරී තනතුරට බඳවා ගැනීමේ තරඟ විභාගයේදි සමස්ථ ලකුණු 100-115 අතර
ලබාගත් අපේක්ෂකයින්ට මේ වන විට බලවත් අසාධාරණයක් සිදුවී ඇති බව එම අපේක්ෂකයින් පෙන්වා දෙනවා.

දැනට රාජ්‍ය සේවයේ යෙදී සිටින කණිෂ්ට සේවකයින්ට උසස්වීම් ලබා ගත හැකි එකම අවස්ථාව වන උක්ත විභාගයට මෙවර පෙනි සිටි 12000ට අධික අපේක්ෂකයින් අතුරින් සමස්ථ ලකුණු 100 ඉක්මවා ලබාගෙන විභාගය සමත් වූ සංඛ්‍යාව 2500ට ආසන්න වේ.

වර්තමාන රාජ්‍ය කලමණාකරන සේවා පුරප්පාඩු 5000ට අධික ප්‍රමාණයක් පැවතියද මෙවර විභාගය සමත් වූවන්ගෙන් ලකුණු 116 ඉක්මවා ලබාගත් 685 දෙනෙකුට පමණක් සම්මුඛ පරීක්ෂන පවත්වා ඇත. පවතින පුරප්පාඩු සංඛ්‍යයාවෙන් 30%ක් සීමිත තරඟ විභාගයේ ප්‍රථිපල මත බඳවා ගැනීම සාමාන්‍ය‍ය ක්‍රමවේදයයි. එබැවින් මින් පෙර විභාග පැවති අවස්ථා වලදී සමස්ථ ලකුණු 100ට වැඩි අපේක්ෂකයින් වට කිහිපයකට බඳවා ගැනිම සිදුකර තිබේ.

එහෙත් මෙවර එවැනි අවස්ථාවක් තවමක් ලබා නොදීම නිසා 1800ට අධික විභාග සමත් වූවන් පිරිසක් දැඩි සිත්තැවුලට පත්ව ඇත. මෙවර විභාගයේදි ලකුණු 100-115 අතර ලබා ගත් විභාග සමත් වූවන්ගේ සමස්ත ලංකා එකමුතුව පෙන්වා දෙන අන්දමට උපාධිධාරීන් , ඩිප්ලෝමාධාරීන් , අ.පො.ස.(උ/පෙළ) සමතුන් මෙන්ම ඉහළ පරිගනක සාක්ශරතාවක් සහිත දැනට රාජ්‍ය සේවයේ වසර 10ට නොඅඩු පළපුරුද්දක් ඇති නිලධාරීන් ද මේ අතර සිටින බැවින් මෙම පිරිස උක්ත තනතුරට බඳවා ගැනීම ඵලාදායී මෙන්ම කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සඳහා සිදු කරන ආයෝජනයක් බවයි.

රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් සිදු කල යුතු බවට වන ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පනවා ඇති පසුබිමක දැනට රාජය සේවයේ නිරතවන්නන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව අවස්ථා ගණනාවක දි අතිගරු ජනාධිපති තුමා , අගමැති තුමිය මෙන්ම රාජ්‍ය පරිපාලන ඇමතිතුමන් ඇතුළු වර්ථමාන රජයේ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ඇතුළු ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද දැනුවත් කර ඉල්ලීම් ඉදිරිපත් කලත් තවමත් අගතියට පත් තමන් වෙත සාධාරණ විසඳුමක් ලැබි නොමැති බව එම විචාග සමත් වූවන් පෙන්වා දෙයි.

Exit mobile version