Site icon Newshub

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්ගේ ධුරය ක්‍රීඩා ඇමති අත්හිටුවයි

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල්ද සිල්වා මහතාගේ ධූරය වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අත්හිටුවා ඇත.

මැක්ස්වෙල් ද සිල්වා මහතාට එරෙහිව පරීක්ෂණයක් දියත් වන බැවින් ඒ සඳහා අවස්ථාව සලසා දෙමින් ඔහුගේ ධූරය අත්හිටුවන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ද පසුගිය නොවැම්බර් මාසයේදී ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබිණි.

ජාතික ඔලුම්පික් කමිටුවේ ආචාර ධර්ම පිළිබඳ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවක නිගමන හා නිර්දේශ පදනම් කර ගනිමින් ජාත්‍යන්තර ඔලින්පික් කමිටුව මෙම ඉල්ලීම කර ඇත.

ඒ අනුව ඉදිරිපත්ව තිබෙන සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ක්‍රීඩා අමාත්‍යවරයා ජාතික ඔලින්පික් කමිටුවේ මහල්කම් මැක්ස්වෙල්ද සිල්වා මහතාගේ ධූරය අත්හිටුවීමට  කටයුතු කර තිබේ.

Exit mobile version