Site icon Newshub

දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් ජාතික රෝහලට

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ඔහු අද (11 ) දහවල් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ දිගු කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා හදිසියේම ඊයේ දිනයේ වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යවන ලදී.

ජාතික රෝහල වෙත ඇතුළත් කළ දුමින්ද සිල්වා මහතා මේ වන විට පරීක්‍ෂණ කිහිපයකට භාජනය කර ඇති අතර ඔහු දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි

Exit mobile version