Site icon Newshub

සමාරම්භක උළෙලේ ලක්ෂ 70ක් වියදමට ටෙන්ඩර් දාලා නෑ – චාමර ක්ලීන් ශ්‍රී ලංකා සුද්දම කරයි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ආරම්භක උත්සවය සඳහා පමණක් රුපියල් ලක්ෂ හැත්තෑවක් වැය කර තිබෙන බවත් එය අසත්‍යයක් නම් ඒ බව ඔප්පු කලොත් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

උත්සවයේ ගීත ගායනය සඳහා ලක්ෂ දෙකක්, ගීත නිර්මාණය කිරීම සඳහා ලක්ෂ අටක්, උත්සවයට ගෙන්නුවා ගෙන ඉන්ද වූ නිරූපිකාවන් සඳහා රුපියල් 15000 ක් බැගින්, වෙබ් අඩවියට ලක්ෂ විසි එකක්, මෙන්ම සංග්‍රහ වියදම් ඇතුළු අනෙකුත් කටයුතු සඳහා ලක්ෂ හැත්තෑවක් වැය කර ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

මෙම සංඛ්‍යා ලේඛන සියල්ල ඉදිරියේදී සභාගත කරන බව පැවසූ චාමර සම්පත් දසනායක මහතා කිසිදු ටෙන්ඩර් පටිපටියක්ක් අනුගමනය නොකර වැය කර ඇති මෙම වියදම් අනුමත කිරීම ජනාධිපති කාර්යාලයට ප්‍රශ්නයක් වී ඇති බවද පෙන්වා දුන්නේය.

“නිසි ක්‍රමවේදය අනුගමනය නොකර වියදම්, සංග්‍රහ වියදම්, ඇතුළු මුළු වියදම ලක්‍ෂ හැත්තෑවක් වැය කරලා තිබෙනවා. ඔයගොල්ලන්ට ලක්ෂ හැත්තෑව ගෙවන්න වෙන්නේ පැල්වත්තේ තියෙන අරමුදලෙන් තමයි.ජනාධිපති කාර්යාලයේ එකවුන්ස් එකින් චෙක්පත ලියන්නේ නැහැ.ඉතින් පටන් ගන්න කොටම වැඩේ ෆේල්.ඔයාලා ටෙන්ඩර් පටිපාටිය වත් දන්නේ නැහැ

ඒ වගේම ජනාධිපති කාර්යාලයෙන් ව්‍යවස්ථාපිත අරමුදල් පිහිටුවන්න බැහැ පිහිටු වෙනවා නම් ඔයගොල්ල පාර්ලිමේන්තුවට ගේන්න ජනාධිපති ක්ලීන් ශ්‍රී ලංකා අරමුදල ක් පිහිටුවනවා නම් ඔයගොල්ලෝ පාර්ලිමේන්තුවට ගේන්න 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතින් ව්‍යවස්ථාපිත අරමුදල් පිහිටුවීම නවත්තලා තියෙන්නේ” යයි චමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මන්ත්‍රීවරයා දැක්වූ අදහස් මෙතනින්

Exit mobile version