Site icon Newshub

ආණ්ඩුවේ ප්‍රබල පුටු කිහිපයක් තිගැස්සෙයි – පැන්ඩෝරා පත්‍රිකා එළියට

ලබන සතිය තුළ පැමිණීමට නියමිත පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින් අද (08) සිදුකර තිබේ.

ඉදිරි සතියේ පැමිණීමට නියමිත පැන්ඩෝරා පත්‍රිකාවලට අනුව වර්තමාන රජයේ ඉහළ තනතුරු හොබවන අය පිළිබඳවත් කියැවෙන බව ගාමිණී ලොකුගේ මහතා පවසයි.

එම පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව ඉදිරි සතියේ රටට හෙළි කරන බවත් වර්තමාන රජයේ නිලතල දරණ පුද්ගලයින්ගේ මුදල් පිළිබඳවද එහිදී මතුකර පෙන්වා දෙන බවද ගාමිණී ලොකුගේ මහතා පවසයි.

පසුව අදාල රජයේ පුද්ගලයින් පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට රජයට හැකිවනු ඇති බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

Exit mobile version