Site icon Newshub

මෝදි ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම් වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

ඊට අදාළ පියවර මේ වන විට සැලසුම් කරමින් තිබෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන්කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ඉන්දියාවේ සිදුකළ සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙරට සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරාධනා කළ අතර එම ආරාධනය පිළිගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලනික සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් දෙරටේ දියුණුව සඳහා ගත යුතු පියවර සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත

Exit mobile version