Site icon Newshub

ජනාධිපති අරමුදල ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට !

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලේ මුදල් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (06) දැනුම් දුන්නේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණේ තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ පැවසීය.

මේ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය නියෝග කළාය.

විමර්ශන වලට අවශ්‍ය නියෝග වේ නම් අධිකරණය මගින් එය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ, වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දුන්නේය.

Exit mobile version