Site icon Newshub

මම කළේ විහිළුවක් – කැබිනට් අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න

බ්‍රොයිලර් කුකුළු මස් නිෂ්පාදනය නවතා දැමුවහොත් රිලා, වඳුරු, මොනර උවදුර පහව යන යනු ඇති බව තමා ප්‍රකාශ කළේ විහිළුවට බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තමන් එම ප්‍රකාශය කළේ රිලා, වඳුරු, මොණර මස් ආහාරයට ගත යුතු වන අදහසින් නොවන බවද හෙතෙම පැවසුවේය.

විහිළුවට කරන ලද ප්‍රකාශයක් තේරුම් ගැනීමට නොහැකි අය සිටීම කණගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා කියා සිටියා.

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී රිලා, මොණර උවදුරු පහව යනතුරු කුකුල් මස් නිෂ්පාදනය නවතා දෙන්න බැරි දැයි අමාත්‍යවරයා විමසා සිටියේ සිටියේ සියල්ලම සිනහ ගස්වමිනි.

Exit mobile version