Site icon Newshub

අගමැතිනියගෙන් ප්‍රශ්න අහන්න හෙට විනාඩි 30ක්!

නව වසරේ ප්‍රථම වරට පාර්ලිමේන්තුව අද ( 07 ) පෙරවරු 9.30 ට කතානායක වෛද්‍ය ජයන්ත වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

අද සිට ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධව සභාව කල්තැබීමේ විවාදය අද පෙරවරුවේ සිට පස්වරුව දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

හෙට (08 ) පෙරවරු 9.30 සිට 10.00  දක්වා කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.ඉන් අනතුරුව පෙරවරු 10.00 සිට 10-30 දක්වා කාලය වෙන් කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්න සඳහාය.

හෙට පෙරවරු 10-30 සවස 5-30 දක්වා ආනයනය අපනයනය (පාලන )පනත යටතේ රෙගුලාසි, කැසිනෝ ව්‍යාපාර නියාමන පනත යටතේ රෙගුලාසි ආදී කරුණු රැසක් විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Exit mobile version