Site icon Newshub

HMPV වෛරසය ඉන්දියාවට ඇතුළු වෙයි

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයන් දෙදෙනෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවේ බැංගලෝර් හි රෝහලේ සුවය ලබමින් සිටින මාස අටක දරුවෙකු සහ රෝහලෙන් පිටව ගිය මාස තුනක දරුවෙකු HMPV රෝගයෙන් පෙළෙන පළමු රෝගීන් බවට තහවුරු කර තිබේ.

පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට වැඩි බලපෑමක් ඇති කරන බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

කැස්ස, උණ, නාසය හිරවීම, හුස්ම හිරවීම සහ උගුරේ අමාරුව HMPV රෝග ලක්ෂණ වන අතර මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් වෛරසයට නිරාවරණය වී දින තුනක් හෝ හයකට පසුව දිස්වන බව සඳහන් වේ.

කෙසේ වෙතත් ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වෛරස තත්ත්වය එතරම් බරපතළ නොවනු ඇති බවයි.

Exit mobile version