Site icon Newshub

පොලිස් මූලස්ථානයේ තිබූ CCTV 07 ක් අතුරුදන් – මූලස්ථානයෙන් කොටුව පොලිසියට පැමිණිල්ලක්

කොළඹ කොටුව පැරණි පොලිස් මූලස්ථානයේ සවිකර තිබූ cctv කැමරා 07 ක් අතුරුදහන්ව තිබෙන බව වාර්තා වේ.

පොලිස් මූලස්ථානය විසින් මේ සම්බන්ධයෙන් කොටුව පොලීසියේ පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර ඊට අදාල විමර්ශන කටයුතු කොටුව පොලීසිය විසින් ආරම්බ කර තිබේ.

මේ වන විට පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤ වීදියේ පැරණි ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර තිබෙන අතර එම ස්ථානයට පොලිස් මූලස්ථානය රැගෙන යෑමෙන් අනතුරුව මෙම cctv අතුරුදහන් ව ඇති බව සඳහන් වේ.

පැරණි පොලිස් මූලස්ථානයේ 05වන මහලේ මෙම cctv කැමරා සවි කර තිබී ඇති අතර ඒවායේ වටිනාකම මේ වන තෙක් ගණනය කර නොමැති බවද වාර්තා වේ.

Exit mobile version